සුව නොවූ අස්ථි බිඳීම්

සාමාන්‍ය ප්‍රතිකාර යටතේ බහුවෙ අස්ථි බිඳීමක් සති හයකදිත්, කකුලේ අස්ථි බිඳීමක් සති 12 ක පමණ කාලයකිනුත් සුවවිය යුතියි. කෙසේ වෙතත් මේවා නියමයන් නොවන අතර කෙනෙකුගේ අස්ථි බිඳීමක් මිට මදක් කලින් හෝ ප්‍රමාද වී හෝ සුවවිය හැකියි.
තවත් සමහරකගේ බිඳීම ප්ලාස්ටර් දමා තැබුවද, ප්ලේට් යොදා සවි කලද, ඇන දමා සවි කලද බිඳීම නොපැහි තිබිය හැක. මෙවැනි අවස්තා නිතර හමු නොවන අතර, කලාතුරකින් විය හැකියි.
අස්ථිය සවී කිරීමෙන් කරනුයේ බිඳී ගිය කොටස් හරි ආකාරයට පැහෙන තෙක් රඳවාගෙන තබගැනීමක් වැනි කාර්යයකි. එකලස්කර සවි කල විගස අස්ථිය බිඳීම් සුවවීමක් සිදුවන්නේ නැත.
සුව නොවීමට බලපාන හේතු කරනා අතර, රෝහලෙන් ලබාදුන් උපදෙස් පිළිනොපැදීම, රෝහලෙන් දැමු ප්ලාස්ටර් එක නියමිත කාලයට පෙර නිවසේදී ඉවත් කර හෙළ වෙදකමට යොමුවීම, රෝහලෙන් දුන් උපදෙස් ඉවත දමා, අහල පහල සිටින මහාචාර්ය වරුන්ගේ උපදෙස් අනුගමනය කිරීම, ආසාදනයන්, සවිකිරීමට යොදාගත් ලෝහමය කොටස් ගැලවී කැඩී යාම, අස්ථිවල සවි ශක්තිය අඩු වීම දැක්විය හැකියි.
ඉහත දැක්වූ පරිදි සුව නොවීම පිණිස විවිද හේතුන් බලපාන අතර, මෙවන් සනකුලතා සුවකිරීම ක්‍රමයන් පවතින අතර ඔබට, ඔබේ පව්ලේ යට හෝ ඔබ දන්නා යට මෙවන් ගැටළු තිබේනම් අපවෙත යොමු වන්න.