දණහිස සන්දිය දැමීම

අප වයස් ගතවන විට, ආතරයිටිස් නිසා එහෙමත් නැතිනම් දණහිස අශ්‍රිතව සිදුවූ අස්ථි බිඳීමක් නිසා, සන්දියහි ක්‍රියාකාරිත්වය සුමටව පවත්වාගන්න කාටිලෙජ ආවරණයට හානි සිදුවී එය ගෙවීමකට ලක්වේ. මෙසේ ගෙවී යාම නිසා දණහිසහි සුමට ක්‍රියාකාරිත්ව ගිලිහි යන අතර, නැමිමේදී හා දිග හැරීමේදී ශබ්ද නිකුත්වීම්, වේදනාව, ඉදිමීම හෝ කකුල් ඇදවිමට ලක්වේ. සිරුරේ අදික තරබාරු කම ද මෙයට යම් තාක් දුරට දායක වේ.

ඔබගේ වයස 50 ට වැඩිනම් , දණහිසේ ඉහත සදහන් ලක්ෂණ ඇත්නම්, පරික්ෂ කරවා ගැනීම යහපත් වේ. කර්ටිලේජ වර්දන පෙති, ගුලි, චුර්ණ, ආලේපන, තෙල්, කසාය, අමුර්ත පාන, ඉන්ජෙක්ෂන්, PRP හෝ මෙහි සදහන් නොවන මහා බෙහෙත් වට්ටෝරු වලට ඔබගේ දන හිස නිට්ටාවට සුව නොහැක. එසේ සුව වන්නේ නම් ඔබ මෙතෙක් කල් කරපු ප්‍රතිකාර වලින් සුව විය යුතුයි. වෛද්‍ය වරු මාරු කිරීමෙන්ද පලක් නැත. ශල්‍ය කර්මයකින් තොරව සිදුකරන ප්‍රතිකර්ම වල ගුණ තාවකාලිකයි. බෙහෙත් එවර වන විට සියලු ලක්ෂණ නැවත මතුවේ. මේවා ඔබ මිය යන තුරු මේවා භාවිත කලද ඔබේ දණහිස නම් සුව නොවේ. එය නිශ්චිතවම කිව හැක.

හන්දිය නොදැම්මොත් ?

ඔබ දිගින් දිගටම විවිද වේදනා නාශක පෙති රසනයන් භාවිතය කිරීම නිසා ඒවායේ අහිතකර ප්‍රතිපල ඔබව ඔත්පල කල හැක. ඔබගේ මුදල් නස්තිවේ. ඔබට ජිවත් විය හැකි කාලය අඩුවී අන් අයගේ උදව් උපකාර නැතිව ඇවිදීමට නොහැකි වේ. දිගින් දිගටම කකුල් ඇද වී යයි. නිපොත්තෙන් කැඩීමට තිබු දෙය පොරවින් කැපීමට අවශ්‍ය අවස්ථාවකට පත්විය හැක. මේ අතර ඔබ ශල්‍ය කර්මය දරා ගැනීමට හැකි උපරිම වයස ඉක්මවා ගොස්, අපට ඔබගේ ශල්‍ය කර්මය කිරීම දැඩි අවදානම් ලෙස හැගී ගියහොත් ශල්‍ය කර්මය කිරීම ප්‍රතික්ෂේප සිදුවේ. එවිට ඔබ තවත් අසරණ වේ.

හන්දිය දැම්මොත් ?

හන්දිය දැමු පසු දණහිසේ ක්‍රියාකාරිත්වය ඔබට වයස 30 පමණ තිබුණු මට්ටමට පත්වේ. ඇදට, වක්‍රව, විකාර රුපීව තිබුණු කකුල වඩාත් ප්‍රකුති තත්වයකට පත්වේ. එම දණහිසින් හටගත් වේදනාව පහව යයි. එමනිසා දිගු කාලීනව වේදනා නාශක ගැනීමට අවශ්‍ය නොවේ. ඔබගේ පවුලේ ය සමග එකට ඇවිද යා හැක. ඔබගේ දරුවන්ට ඔබ තවදුරටත් වදයක් නොවනු ඇත. ඔබගේ ප්‍රාර්ථනය මෙය නොවේද ?

හන්දිය දානවා කියන්නේ මොකක්ද?

මෙහිදී ඔබගේ කකුල්, කොන්දට විදින බෙහෙතක් මාර්ගයෙන් හිරිවට්ටනු ලැබේ. දණහිසේ ඉදිරිපසින් යොදය කැපුමක් තුලින් දහිසේ ගෙවී ඇති අස්ථි වල මතුපිට පෘෂ්ටයන් කපා ඉවත් කරනු ලැබේ. ඉන් පසු ඉතා සුමට මතුපිටක් සහිත ලොහමය පෘෂ්ටයක් ගෙවීගිය කොටස් වෙනුවට සවිකරනු ලැබේ. කැපු තුවාලය මසනු ලැබේ. මේ සදහා ගත වන්නේ පැයක පමණ කාලයකි

දින කීයක් රෝහලේ ඉන්න ඕනෙද ?

සාමාන්‍යයෙන් දින 3 ක් පමණ.

ගොඩක් දවස් ඇඳට වෙලා ඉන්න ඕනෙද ?

ඔබ ඇඳට වී සිටීමට අවශ්‍ය වන්නේ පාදවල හිරි ඇරෙන තුරු පමණයි. ඉන් පසු ඇඳෙන් බැස පුටුවක හිද ගැනීමටත් ඇවිදින රාමුවක අදාරයෙන් හිට ගැනීමටත්, ඉන් පසු ඇවිදීමට පටන් ගැනීමටත් අවස්ථාව සලසා දෙනවා. ඔබගේ අපහසුතාව අවම කිරීමට ප්‍රතිකාර ලබා දෙනවා. රෝහලෙන් මුදාහැරිය පසු නිවසේදී අවශ්‍ය ව්‍යායාම කිරීමට උපදෙස් ලබා දේ.

මේ සදහා උපදෙස් ගත යුත්තේ කාගෙන්ද ?

ඔබ ඕනෑම රෝගයකට උපදෙස් ගත යුත්තේ ඒ ගැන දැන උගත් වෛද්‍යවරයකුගෙන් පමණක්ම බව මා අවධාරණයකර සිටිමි. අනෙක් සියලුම දෙනා ඔබට දුන් උපදෙස් නිවැරදිනම් මේ වන විටත් ඔබ සුවය ලබා සිටිය යුතුයි. ඔබ පිළිපදින්නේ කුමන උපදෙස්දයි ඔබම සිහිබුද්දියෙන් යුතුව කල්පනා කර බලන්න. එම නිසා ඔබේ අසල්වැසි හා මිතුරු වෛද්‍ය නොවන මහාචාර්ය වරුන්ගේ උපදෙස් හා වර්නන වලට නොරැවටෙන්න.

ඔබගේ දැවෙන ප්‍රශ්නයට පිළිතුර මෙහි සදහන් නොවන්නේ නම් කරුණාකර අප අමතන්න.