අස්ථි තුළින් හටගන්නා ගෙඩි

අස්ථි තුළින් හටගන්නා ගෙඩි

වයස අවුරුදු 1-20 දක්වා දරුවන්ගේ අස්ථි වලින් ගෙඩි හට ගැනීම සුලභව දක්නට ලැබේ. එම ගෙඩි වර්ග පිළිකා
නොවන, පිළිකාමය හා පසුකාලීනව පිළික බවට පෙරළිය හැකි වර්ගයේ ගෙඩි ලෙස දැක්විය හැකිය.
අප දැක ඇති දෙය නම්, බොහෝ දෙමාපියන් මේ සදහා රෝහලකින් ප්රතිකාර ගැනිඉමට මැලිවී ගොඩ වෙදකම්
වලට යොමුවී රෝගය උත්සන්න අවස්ථාවක රෝහල් වෙත නැවත පැමිණීමයි. මෙවන් අවස්ථාවකදී ජීවිතය
බේරා ගැනීමට අත් හා කකුල් කපා ඉවත්කර දැමීමට සිදුවීම හෝ ජීවිතය නැති වීම වළක්වා ගත නොහැකි
මට්ටමකට පත් විය හැක.
හටගන්නා ගෙඩිය බොහෝවිට දක්නට ලැබෙනුයේ උරහිස හා දණහිස ආශ්රිතව ඇතිවන ඉදිමීමක් ලෙසයි.
එවැන්නක් දුටු විගස රජයේ රෝහලකින් පරික්ෂා කරවා ගන්න. රෝගය හරිහැටි හදුනා ගැනීමට දරුවාව Xray,
ස්කෑන් පරීක්ෂණ වලට යොමු කෙරේ.
පිළිකාමය නොවන හා පසුකාලීනව පිළිකාමය බවට පෙරලිය හැකි ගෙඩි, නැතිනම් අතිවල ඇතිවන අසාමාන්ය
වර්දනයන් සුළු ශල්ය කර්මයකින් ඉවත් කරනු ලැබේ. ඉවත් කල කොටස් සෛල පරීක්ශා කිරීමට යොමු කෙරේ.
පිළිකාමය වර්දනයන් සදහා ශල්ය කාර්ම වලට අමතරව නික්ෂේපන ප්රතිකාර, කිරණ ප්රතිකාර වලට
භාජනය කෙරේ.
වෛද්ය විද්යාවේ දියුණුවත් සමග, නොපැතිරී ඇති, මුල් අවස්ථාවේ පවතින පිළිකාමය වර්දනය ඇති අස්ථි කොටස
පමණක් ඉවත් කර, ඉවත් කල කොටසට සමාන ලෝහමය අස්ථි කොටසක් යොදා කකුල නැවත සකස් කිරීමේ
හැකියාවක් වර්තමානයේ ඔබට ලබාදිය හැක. මෙනිසා කකුල, කපා ඉවත් කරීම් අවම වී ඇත. එම නිසා නිසි
ප්රතිකාර වලට යොමු වන්න. නොමග නොයන්න.